අපි රිළවුන් ඉල්ලුවේ නැහැ – චීනය කියයි

අපි රිළවුන් ඉල්ලුවේ නැහැ – චීනය කියයි

චීන වන විද්‍යා හා තණබිම් පරිපාලන දෙපාර්තමේන්තුව ලංකාවෙන් රිළවුන් 100,000ක් තම රටේ සත්වෝද්‍යාන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කරන බව චීන තානාපති කාර්යාලය පවසනවා.

සතුන් සහ ශාක ආනයනය සහ අපනයනය අධීක්‍ෂණය කරන සහ කළමනාකරණය කරන ප්‍රධාන රජයේ දෙපාර්තමේන්තුව වන චීන ජාතික වන විද්‍යා හා තණබිම් පරිපාලන ආයතනය ප්‍රකාශ කර ඇත්තේ තමන් එවැනි කාරණයක් ගැන දැනුවත් වී නොමැති බවයි.

තවද චීන පෞද්ගලික සමාගමක් එවැනි ඉල්ලීමක් සිදුකර ඇති බවට පළවන වාර්තා ද අසත්‍ය බවයි චීන තානාපති කාර්යාලය ප්‍රකාශ කළේ.