ජනපති දැඩි තීරණයක් ගනී

කුමන තත්ත්වයක් යටතේ වුවද දරුවන්ගේ අධ්‍යාපනය ප්‍රාණ ඇපයට ගැනීමට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
අධ්‍යාපන බලධාරීන් සමග පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා පවසා සිටියේ සතියක් තුළ එකඟතාවයකට පැමිණ විභාග පිළිතුරු පරීක්ෂා කිරීමට නොපැමිණෙන්නේ නම් අධ්‍යාපනය හදිසි නීතිය යටතේ අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීමට කටයුතු කරන බවය.

