හිටපු නීතිපති දප්පුල TIDයට

හිටපු නීතිපති ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා අද (19) පෙරවරු 9ට ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට කැඳවා තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව සඳහන් කළේ, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඔහු කළ ප්‍රකාශයක් පිළිබඳව විමසීමට මෙම කැඳවීම කර ඇති බවයි.
2021 වසරේ මැයි මස 17 වැනිදා හිටපු නීතිපති දප්පුල ද ලිවේරාගේ ප්‍රකාශයෙන් කියා සිටියේ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිටුපස දැවැන්ත කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වූ බවයි.
රාජ්‍ය බුද්ධි සේවය හෙවත් S.I.S ආයතනයට පාස්කු ඉරිදා ප්‍රහාරය සිදු කරන ආකාරය , වේලාව , දිනය සහ අනෙකුත් තොරතුරු ලැබීම හරහා දැවැත්න කුමන්ත්‍රණයක් මෙම ප්‍රහාරය පිටුපස තිබූ බව පෙනී යන්නේ යැයි, ඔහු එහිදී කියා සිටියේ ය.
මෙම දැවැන්ත කුමන්ත්‍රණයට සම්බන්ධ සියලු දෙනා සාක්ෂි හරහා අනාවරණය කළ යුතු බව ද, හිටපු නීතිපති දප්පුල ද ලිවේරා පෙන්වා දුන්නේ ය.

