අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම අනුමත කරන්නේ නැහැ

අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීම අනුමත කරන්නේ නැහැ

අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින වෘත්තිමය ගැටලු මඟහැර යෑමේ උපක්‍රමයක් ලෙස එය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කිරීම අනුමත නොකරන බව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එහි සභාපති මහාචාර්ය ශ්‍යාම් බන්නැහැක මහතා සඳහන් කළේ, අධ්‍යාපන ක්ෂේත්‍රයේ පවතින ගැටලු විසඳීම සඳහා බලධාරීන් සාධනීය ලෙස කටයුතු කිරීම වැදගත් බවය.

ජනාධිපති කාර්යාලයේ පැවති අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ ලබන සතිය වන විට උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂා කිරීමට ගුරුවරුන් යොමු නොවන්නේ නම් හදිසි නීතිය යටතේ අධ්‍යාපනය ද අත්‍යවශ්‍ය සේවාවක් බවට පත්කරන බවය.