අරගලය භුමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු අභිරහස් ලෙස මියයයි

අරගලය භුමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු අභිරහස් ලෙස මියයයි

ගාලුමුවදොර අරගල භුමියේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයෙකු ලෙස කටයුතු කළ තරුණයෙකු අභිරහස් ලෙස මියගොස් තිබෙනවා.

ඔහුගේ මරණයට හේතුව තහවුරු කර නැතත් එය සිය දිවි නසා ගැනීමක් බවටයි සැක කෙරෙන්නේ.

බුද්ධි ප්‍රබෝධ කරුණාරත්න නම් මෙම තරුණයා ලන්ඩන් විශ්වවිද්‍යාලයේ නීති උපාධිධාරියෙක්.

පුවත්පත් මාධ්‍යවේදියෙකු හා බ්ලොග් රචකයකු වූ ඔහු ගාලුමුවදොර අරගල භූමියේ පළමු කුඩාරම ඉදි කළ තැනැත්තා බව වාර්තා වෙයි.

බුද්ධිගේ දේහය පිළිබද අවසන් කටයුතු ඊයේ (19) මහරගම ගොඩිගමුවේ දී සිදුකෙරුණා.

ඔහුගේ මරණයට හේතුව මෙතෙක් තහවුරු කර නැහැ.