පාසල් සිසුවෙකුට පහරදුන් ගුරුවරුන් තිදෙනෙක් අත්අඩංගුවට

පාසල් සිසුවෙකුට පහර දීමේ සිදුවීමක් සම්බන්ධයෙන් මහඔය ප්රදේශයේ ගුරුවරුන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දරුවා රෝහල්ගත කිරීමත් සමඟ පොලීසිය විසින් සිදුකළ විශේෂ විමර්ශනයකට අනුවයි මොවුන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත්තේ.
සැකකරුවන් වයස 34,37 හා 43 වයස්වල පසුවන මහඔය පදියතලාව ප්රදේශයේ පදිංචිකරුවන්.
අදාළ සැකකරුවන් අද (21) දින දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

