රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

රාමසාන් උත්සවය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩ පිළිවෙලක්

රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පල්ලි ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේ,පළාත් භාර නියෝජ්‍ය පොලිස්පතිවරුන් හා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට එම උපදෙස් නිකුත් කර ඇති බවයි.

ඒ අනුව මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන පළාත්වල එම ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක බව ඔහු ප්‍රකාශ කළේ ය.

රාමසාන් උත්සවය ලබන 23 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.