කොවිඩ් වැළඳී අයෙක් මරුට

කොරෝනා රෝගය වැළඳීම නිසා යාපනයේ දිස්ත්‍රික්කයේ එක් පුද්ගලයෙකු පෙරේදා (20) දිනයේ මිය ගොස් තිබෙනවා.
මියගිය පුද්ගලයා යාපනයේ පුතූර් ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
උණ රෝගය වැළඳීමෙන් පසුව ඔහු ප්‍රතිකාර සඳහා පුතූර් මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහුට කොරෝනා වෛරසය වැළඳී ඇති බවටයි තහවුරු වී ඇත්තේ.
අදාළ පුද්ගලයා එම රෝහලේ තබා ගෙන නිරෝධායනයට ලක් කර ඇති අතර එහිදී ඔහු මියගොස් ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
මේ අතර යාපනය ශික්ෂණ රෝහලේ කොරෝනා රෝගීන් පස් දෙනෙකු ද තවත් රෝහල් දෙකක කොරෝනා රෝගීන් හතර දෙනෙකු ද වශයෙන් රෝගීන් 9 දෙනෙක් මේ වන විට හමු වී ඇති බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කළා.

