අද පළාත් කිහිපයකට තද වැසි

අද පළාත් කිහිපයකට තද වැසි

අද (22) දිනයේ දී නැගෙනහිර, ඌව, උතුරු, උතුරු-මැද, සබරගමුව සහ මධ්‍යම පළාත්වල තැනින් තැන සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා

තවද එම පළාත්වල ඇතැම් ස්ථානවලට මි. මී. 75ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බව සඳහන්.

සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තරමක් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, බස්නාහිර පළාතේ උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.

COMMENTS