උප්පැන්න සහතිකයක් නැති පුද්ගලයින්ට ID එකක්

උප්පැන්න සහතිකයක් නොමැති වයස අවුරුදු 40 ඉක්මවු පුද්ගලයින් සඳහා ජාතික හැඳුනුම්පත් ලබාදීමේ නව ක්‍රමවේදයක් පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව ග්‍රාම නිලධාරී කොට්ඨාසයක ස්ථිර පදිංචිය සහිත උප්පැන්න සහතිකයක් නොමැති පුරවැසියන්ට මේ සඳහා ඉල්ලුම් කළ හැකියි.
ඊට අදාළ චක්‍රලේඛය මේ වනවිට සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන් සහ ග්‍රාම නිලධාරින් වෙත යොමුකර ඇති බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
ශ්‍රී ලාංකිකයෙකු හට අදාළ ප්‍රාදේශීය සීමාව තුළදී උපන්නේ නම්, ප්‍රදේශීය ලේකම් කාර්යාල ලේකම්ගෙන් නීත්‍යානුකූලව උප්පැන්න සහතිකය ලබා ගැනීමට හැකියාව පවතිනවා.
මීට පෙර ලියාපදිංචි වී මුල් වරට හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ආකෘති පත්‍රය සමග ග්‍රාම නිළධාරි හෝ ප්‍රාදේශීය ලේකම් හෝ බලය පැවරූ නිළධාරියකු සහතික කරන ලද උප්පැන්න සහතිකයක් අවශ්‍ය වූ අතර මෙම චක්‍රලේඛය ක්‍රියාත්මක වීමෙන් අනතුරුව එසේ අවශ්‍යය නොවේ.

