X-Press Pearl ගැන සිංගප්පූරු අධිකරණයේ නඩු පවරනවා – විජයදාස රාජපක්ෂ

X-Press Pearl ගැන සිංගප්පූරු අධිකරණයේ නඩු පවරනවා – විජයදාස රාජපක්ෂ

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනිගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලබා ගැනීමට අදාළ නඩුව සිංගප්පූරු අධිකරණයේ අද (25) ගොනුකිරීමට නියමිත බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

ඉන්දියාවේ හසීරා වරායේ සිට යාත්‍රා කළ මෙම එක්ස්ප්‍රස් පර්ල් නෞකාව කොළඹ වරාය ආසන්නයේ දී ගිනිගැනීමට ලක්වුණේ 2021 වසරේ මැයි 20 වනදායි.

නෞකාවේ තුළ නයිටි්‍රක් ඇසිඩ් සහ වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත බහාලුම් 1,486 ක් තිබූ අතර, ගිනි ගන්නා අවස්ථාවේ දී ඉන් බහාලුම් විශාල ප්‍රමාණයක් මුහුදුබත් වී තිබුණා.

අදාළ නෞකාවට එරෙහිව නඩු පැවරීම සම්බන්ධයෙන් තවත් ඉතිරිව ඇත්තේ දින 45ක කාලයක් පමණක් බව පසුගිය අප්‍රේල් 4 වනදා පැවති පරිසරය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී අනාවරණ වුණා.

ඒ අනුව හානි පූර්ණය ගණනය කිරීමට විද්වත් කමිටුවට අවශ්‍ය පහසුකම් සලසන ලෙස එම ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති අජිත් මාන්නප්පෙරුම ද සමූද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියට සහ නාරා ආයතනයට දැනුම් දී තිබෙනවා.

COMMENTS