නැවේ නඩුව ප්‍රමාද කරන්න ඩොලර් කෝටි 25ක අල්ලසක් අරගෙන

නිව් ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාව හා එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම හරහා ශ්‍රී ලංකාවට වන්දි ලබාගැනීම වෙනුවෙන් නඩු පැවැරීම වැළැක්වීම වෙනුවෙන් චාමර ගුණසේකර නැමැති පුද්ගලයෙකුගේ ගිණුමට ඇමෙරිකානු ඩොලර් මිලියන 250ක පමණ මුදලක් අල්ලස් වශයෙන් බැරවී ඇති බව අධිකරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
“මට සාක්ෂියක් ලැබුණේ නෑ. මට තොරතුරක් ලැබුණා. මේ පිළිබඳව පොලිස්පතිතුමාගේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති මගින් පරීක්ෂණයක් පවත්වනවා. මට අභියෝගත් කරලා තිබුණා පුළුවන්නම් නම හෙළිකරන්න කියලා. මම අධිකරණ ඇමතිවරයා ලෙස නීතියට ගරු කරමින් මේ කටයුත්ත සිදු කලේ එය නීතියට අනුව හෙලිදරව් විය යුත්තේ පොලීසියෙන් නිසා.
නමුත් මම අද හෙලිකරනවා පාර්ලිමේන්තුවේදී මේකේ වගකීම මම භාර ගන්නේ නෑ. මේක තොරතුරක් මේක සාක්ෂියක්ද නැත්ද කියලා පොලීසිය පරීක්ෂණ කළ යුතුයි. ඒකේ නමක් විදිහට තියෙනවා චාමර ගුණසේකර. ඒ පිළිබඳව පරීක්ෂණ කටයුතු දැන් සිදුවේගන යනවා” යනුවෙන්

