පොලීසියේ හදිසි ස්ථාන මාරුවීම් කීපයක්

පොලීසියේ හදිසි ස්ථාන මාරුවීම් කීපයක්

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු 07 දෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි සේවා අවශ්‍යතා මත ස්ථාන මාරුකර තිබෙනවා.

මෙහිදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.එස් පතිනායක මහතා පොලිස් මූලස්ථානයේ සිට මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අපරාධ හා රථවාහන ලෙසත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩබ්.එල්,ඒ.එස් ප්‍රියන්ත වීරසූරිය මහතා මධ්‍යම පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට අපරාධ හ රථවාහන ලෙසත් පත් කර ඇති බවයි පොලිසිය සදහන් කරන්නේ.

තවද ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට වයඹ පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ආර්.එල් කොඩිතුවක්කු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහයක සේවා ලෙසත් පත්කර තිබෙනවා.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කේ.ඒ. රෝහණ දකුණු පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරේ සිට නැගෙනහිර පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලෙසත් ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව සදහන්.

ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එල්.කේ.ඩබ්.කේ සිල්වා, අපරාධ හා රථවාහන සිට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වෛද්‍ය සේවා, සුභ සාධක හා ක්ෂේත්‍ර බලකා ලෙස මාරු කර ඇති බවයි පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

COMMENTS