ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම යළි කල්යයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීම යළි කල්යයි

ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත හදිසියේ ඉදිරිපත් නොකරන බව අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ පවසනවා.

ඔහු මේ බව පැවසූවේ අද (28) රැස්වූ පාර්ලිමේන්තුවේ දීයි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සියලු පාර්ශවයන්ගේ අදහස් විමසා සශෝධනයක් සිදු කළ යුතු බවත්, ඉන් අනතුරුව එය ඉදිරිපත් කරන බවත් ඔහු එහි දී ප්‍රකාශ කළා.