2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ඇරඹේ

2023 ඡන්ද හිමි නාමලේඛන ප්‍රතිශෝධනය ආරම්භ කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පැවසුවේ , මේ දිනවල ග්‍රාම නිලධාරීවරුන් ඡන්ද හිමියන් ගණනය කිරීමේ පත්‍රිකා නිවාස වෙත බෙදා හරින බවයි.

ඒවා කඩිනමින් භාරදීමට පියවර ගත යුතු බව මැතිවරණ කොමිසම ජනතාවට දැනුම් දෙයි.

ලබන 30 වැනිදා දක්වා ප්‍රතිශෝධන පත්‍රිකා භාර ගැනීම සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේ ය.