ශ්‍රී ලංකාවට ඉනිමක ජයක්

ශ්‍රී ලංකාව සහ අයර්ලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ පැවැති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 10කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව තරග 2කින් සමන්විත තරගාවලිය 2-0ක් ලෙස ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
අයර්ලන්ත කණ්ඩායම පළමු ඉනිම සදහා ලකුණු 492 ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙස පළමු ඉනිමේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3 ක් පමණක් දැවී ලකුණු 704 ක් ලබා ඉනිම අත්හිටුවනු ලැබුවා.
අයර්ලන්තයට දෙවන ඉනිම සඳහා සියලුදෙනා දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 202 ක් පමණයි.
ඒ අනුව, දෙරට අතර පැවති තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියෙන්ද 2 ට බින්දුවක් ලෙස ජය හිමිවුණේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

