විදෙස් ප්‍රේෂණ ඉහළට

මාර්තු මාසයේදී විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ ඇමරිකානු ඩොලර් මිලියන 568 ක් ලෙස ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසනවා.
එමෙන්ම මාර්තු මාසයේදී ඇඟලුම් ඇතුලු අපනයන ආදායම පහළ ගොස් ආනයන වියදම කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි මහ බැංකු පර්යේෂණ ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ.
ඇඟළුම් ඇතුලු කාර්මික අපනයනය සඳහා ඇමරිකාව ඇතුලු යුරෝපයේ පැවති ඉල්ලුම අඩුවීම හේතුවෙන් මෙලෙස අපයන ආදායම පහළ ගොස් තිබෙනවා.
ආනයන වියදම ඉහළ යාමට හේතුව පසුගිය උත්සව සමයේ ඇතිවූ ඉල්ලුම සහ ඉන්ධන ගෙන්වීම බවද එම වාර්තාවේ සඳහන්.

