ඩයනාගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ පෙත්සම විභාගයට දින නියම වේ

සිය පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරය අහිමි කිරීමට සමගි ජනබලවේගය ගෙන තිබෙන තීරණය බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ ඉදිරිපත් කළ පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) දින නියෝග කර තිබෙනවා.
ඒ, ප්‍රියන්ත ජයවර්ධන, කුමුදනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ අද පෙත්සම කැඳවූ අවස්ථාවේදීයි.
ඒ අනුව මෙම පෙත්සම ජූනි මස අටවනදා විභාගයට ගැනීමට නියමිතයි.
පෙත්සම්කාර ඩයනා ගමගේ රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කරන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විසිවන සංශෝධනයට සහය පළ කළේ යැයි චෝදනා කරමින් වගඋත්තරකරුවන් තමන්ව මන්ත්‍රි ධුරයෙන් නෙරපීමට කටයුතු කර ඇති බවයි.
එම තීරණයට එළඹීමට පෙර කිසිදු විනය පරීක්ෂණයක් නොකළ බවද මන්ත්‍රිවරිය විසින් පෙන්වා දී තිබෙනවා.

