අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු

අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු

2023 මැයි මස 05 වන දිනට යෙදී ඇති ශ්‍රී බුද්ධ වර්ෂ 2567 වන වෙසක් දිනය නිමිත්තෙන් “අවිදු අඳුර දුරලමු සිපිරි වෙසක් සමරමු” යන තේමාව මුල් කර ගනිමින් බන්ධනාගාර ආයතනයන් හී රාජකාරී නියුතු නිළධාරීන් හා බන්ධනාගාරගත නේවාසිකයින් හට වෙසක් අසිරිය සැමරීම සඳහා වෙසක් වැඩසටහන් රාශියක් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කර තිබෙනවා.

ඒ අනුව, බන්ධනාගාරගත නේවාසිකයිනගේ අධ්‍යාත්මික සංවර්ධනය සඳහා වෙසක් පොහෝ දින (මැයි 05) සිල් සමාදන් වීම, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන්, ධර්ම දේශණා, බොධිපුජා හා බැති ගී ප්‍රසංග ආදි වැඩසටහන් රාශියක් දිවයිනේ සියලූම බන්ධනාගාර ආයතනයන් තුළ ක්‍රීයාත්මක කිරීමට නියමිතයි.

මෙවර වෙසක් දිනය නිමිත්තෙන් කොළඹ බන්ධනාගාර ආයතනයන් හී සංවිධානයෙන් මැයි මස 05, 06 හා 07 තෙදින තුළ බැති ගී ප්‍රසංග, වෙසක් පහන් කූඩු ප්‍රදර්ශනය හා වෙසක් පොහෝ දින (මැයි 05) සවස 07.00 සිට බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකාය විසින් සංවිධානය කරනු ලබන බත් දන්සල හා බන්ධනාගාර මූලස්ථාන නිළධාරීන් විසින් සංවිධානය කරන බෙලිමල් දන්සල බන්ධනාගාර වෙසක් කලාපය නැරඹීමට පැමිණෙන මහජනයා හට ලබා දෙන බවයි වාර්තා වන්නේ.

දිවයිනේ අනෙකුත් සෑම බන්ධනාගාර අයතනයන්හිදීම වෙසක් දිනයට සමගාමීව පිංකම්, දන්සැල්, බැති ගී ප්‍රසංග, වෙසක් පහන්කූඩූ හා වෙසක් සැරසිලි ප්‍රදර්ශන කරන බවයි වැඩිදුරටත් අදහස් දක්වමින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කළේ.