ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු තැන රොනාල්ඩෝට

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු තැන රොනාල්ඩෝට

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන් අතර පළමු ස්ථානය සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට හිමිව ඇති බව ෆෝබ්ස් සඟරාව නිවේදනය කර තිබෙනවා.

පසුගිය මාස 12 තුළ රොනාල්ඩෝගේ ආදායම සටහන් වුණේ ඩොලර් මිලියන 136ක් ලෙසයි.

ඔහු මෙලෙස වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයා බවට පත්වුණේ 2023 වසරේ දී සෞදි අරාබියේ අල් නසාර් පාපන්දු ක්‍රීඩා සමාජය සමග ගිවිසුම්ගත වීමෙන් පසුවයි.

ලොව වැඩිම ආදායමක් උපයන ක්‍රීඩකයන්ගේ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ අර්ජන්ටිනා පාපන්දු ක්‍රීඩක මෙසී පසුවනවා.

මෙසීගේ පසුගිය මාස 12 තුළ ආදායම ලෙස දැක්වෙන්නේ ඩොලර් මිලියන 130ක්.

එමෙන්ම තුන්වන ස්ථානයේ පසුවන්නේ ප්‍රංශ පාපන්දු ක්‍රීඩක කිලියාන් ම්බාපේ.

https://bit.ly/4202h1W

COMMENTS