වෙසක් උත්සවයට විශේෂ ආරක්ෂාවක්

වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව පවසනවා.
පොලිස් මූලස්ථානයේ ඊයේ (03) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ පොලිසියට අමතරව සිවිල් නිලධාරින්ද රාජකාරි සඳහා යොදවන බවයි.
එමෙන්ම වෙසක් පොහොය නිමිත්තෙන් සියලු සුරාසැල් අද සිට අනිද්දා දක්වා වසා තැබෙනවා.

