දිනූෂාට බ්‍රිතාන්‍යයේ දී ඓතිහාසික ජයක්

ශ්‍රී ලාංකික කාන්තාවක් වන දිනූෂා මනම්පේරි එක්සත් රාජධානියේ සෙවන්ඔක්ස් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වී තිබෙන බවයි වාර්තා වන්නේ.
බ්‍රිතාන්‍ය හරිත පක්ෂය නියෝජනය කරමින් ප්‍රාදේශීය මැතිවරණයට ඉදිරිපත් වූ ඇය සෙවන්ඔක්ස් දිස්ත්‍රික් කවුන්සිලය සඳහා තේරී පත් වූ පුථම ශ්‍රී ලාංකික කාන්තාව ලෙස ද ගෞරවය හිමි කර ගන්නවා.
ඇය සමඟ එක්ව තරඟ කළ ලෝරා මැක්ස්ටන් හා මාර්ක් ලින්ඩොක් යන බ්‍රිතාන්‍ය ජාතික මන්ත්‍රීවරුන් ද මෙම මැතිවරණයෙන් තේරී පත්ව සිටිනවා.
දිනූෂා මනම්පේරි මැතිවරණ ව්‍යාපාරයේ දී ඇය භාවිත කර ඇත්තේ ශානි යන නාමය බවයි වාර්තා වී ඇත්තේ.


