විහාරාධිපති හිමියන් අවුකන විහාරයට ආරක්ෂාව ඉල්ලයි

විහාරාධිපති හිමියන් අවුකන විහාරයට ආරක්ෂාව ඉල්ලයි

අවුකන පුරාණ රජමහා විහාරස්ථානයට මේ වන විට කිසිදු ආරක්ෂාවක් නොමැති වීම හේතුවෙන් විහාර භුමිය නිදන් හොරුන්ගේ ග්‍රහණයට ලක්ව ඇති බව අවුකන රජමහා විහාරාධිපති පුජ්‍ය ශාස්ත්‍රවෙල්ලියේ ධම්මකිත්ති හිමියන් ප්‍රකාශ කළා.

පසුගිය වසරේ සිට අවුකන විහාරස්ථානයේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ පොලිස් නිළධාරින් ඉවත් කිරිම හේතුවෙන් මෙම තත්ත්වය මතුව ඇති බවයි උන්වහන්සේ සඳහන් කළේ.