දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බිහිසුණු අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව පිවිසුම ආසන්නයේ දී සිදුවූ රිය අනතුරකින් එකම පවුලේ සාමාජිකයින් පිරිසක් තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථයක් එම දෙසටම ධාවනය වූ වෑන් රථයක පිටුපස ගැටීමෙන් අද (07) පස්වරුවේ එම අනතුර සිදුව ඇති බවයි.

මෝටර් රථයේ ගැටුණු වෑන් රථය මාර්ගයේ පෙරළී ගොස් ඇති අතර මෝටර් රථය අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටේ ගැටී තිබෙනවා. අනතුරින් වෑන් රථයේ සිටි 09 හැවිරිදි දැරියක්, කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කර තිබෙන බවයි පොලිසිය පවසන්නේ.

COMMENTS