ආණ්ඩුකාරවරු පිරිසකට තනතුරු අහිමිවෙයි ?

ආණ්ඩුකාරවරු පිරිසකට තනතුරු අහිමිවෙයි ?

පළාත් 04ක ආණ්ඩුකාරවරුන්ට සිය ධුරවලින් ඉල්ලා අස්වන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී ඇතැයි තොරතුරු වාර්තාවේ.

මේ අතර ඉදිරි දින කිහිපය තුළ ආණ්ඩුකාර තනතුරෙන් ඉවත්වීමට සිදුවනු ඇතැයි නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.

ත්‍රිකුණාමලය ප්‍රදේශයේ පෙරේදා (6) රාත්‍රී පැවති සහෝදරත්වයේ වෙසක් උත්සවය අමතමින් ඇය මේ බව කීවාය.

ආණ්ඩුකාරවරිය ලෙස පලාතේ ජනතාව අමතන අවසන් අවස්ථාව මෙය විය හැකි බව අනුරාධා යහම්පත් මහත්මිය පැවසුවාය.

එම වෙසක් සැමරුම් උත්සවය ත්‍රීකුණාමලය වෙරළ තීරය අසලදී පැවැත්විණි.

COMMENTS