ගයන්තිකා අබේරත්න ලක්මව රනින් බබළවයි

ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලියේ මීටර් 800 කාන්තා ධාවන තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය
දසවන මිචිතාකා අනුස්මරණ ජාත්‍යන්තර මලල ක්‍රීඩා තරගාවලිය අවසන් දිනටත් ජපානයේදී ඊයේ (07) පැවැත්වුණා
එහි මීටර් 800 කාන්තා තරගය අවසන් වුණේ ඊයේ උදෑසනයි.
ශ්‍රී ලංකාවේ ගයන්තිකා අබේරත්න එම ඉසව්වේ ප්‍රථම ස්ථානය දිනා ගත්තේ ය.
ඇය ඒ සඳහා ගත කළ කාලය විනාඩි 2යි තත්පර 4යි දශම 2යි 6කි.
ගයන්තිකා මීටර් 800 කාන්තා ඉසව්වේ ජාතික වාර්තාට ද හිමිකම් කියන අතර, ඇයගේ හොඳම කාලය ලෙස විනාඩි 2යි තත්පර 1යි දශම 2ක කාලයක් සටහන් වෙයි.

