නුවර, ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට ගිය චීන ජාතිකයින් දෙදෙනෙක් අල්ලයි

නුවර, ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට ගිය චීන ජාතිකයින් දෙදෙනෙක් අල්ලයි

නිසි අවසරයකින් තොරව මහනුවර, ශ්‍රී දළදා මාලිගාවට නුදුරු මහනුවර ආරක්ෂිත කලාපයේ වැව රවුමේදී ඩ්‍රෝන යානයක් ගුවන්ගත කිරීමට උත්සහ කළ චීන ජාතිකයින් දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.

මහනුවර පොලිසිය සඳහන් කළේ, අදාළ චීන ජාතිකයින් දෙදෙනා ඩ්‍රෝන යානය ගුවන්ගත කිරීමට උත්සහ කරන බවට ඇතිවූ සැකයක් මත අද (මැයි 8) පෙරවරු 7:00ට පමණ මහනුවර පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කිරීමෙන් පසු අවවාද කර මුදාහැරි බව ය.

අදාළ ඩ්‍රෝන යානය මහනුවර කොට්ඨාස තාක්ෂණික අංශය වෙත යොමු කර වාර්තාවක් ලබාගැනීමට ද පොලිසිය පියවර ගෙන ඇත.

කෙසේ වෙතත්, එහි ශ්‍රී දළදා මාලිගාව හෝ ඒ ආශ්‍රිත ආරක්ෂිත කලාපයේ කිසිදු දර්ශනයක් නොතිබීම නිසා ඔවුන්ට එරෙහිව නීතිමය පියවර නෙගැනීමට පොලීසිය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් චීන ජාතිකයින් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද පොලිසිය කටයුතු කර ඇති අතර මහනුවර පොලිසියේ සංචාරක පොලිස් ඒකකය විසින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වනු ලැබීය.

COMMENTS