පුංචි ඡන්දයට අපේක්ෂකයන් ලෙස නම් දුන් රාජ්‍ය සේවකයන් හෙට සිට යළි සේවයට

පළාත් පාලන ඡන්දයට අපේක්ෂකයන් ලෙස නාම යෝජනා භාරදුන් රජයේ සේවකයන්ට අනිද්දා(09) සිට යළි සේවයට වාර්තා කළ හැකි බව පළාත් සභා හා පළාත්පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසනවා.
ඔහු කියා සිටියේ ඊට අදාළ චක්‍රලේඛය මැතිවරණ කොමිසමේ අනුමැතියට යවා ඇති අතර, හෙට එය නිකුත් කරන බවයි.

