මෙසී ගහපු අලුත් ගිවිසුම

35 හැවිරිදි සුපිරි පාපන්දු ක්‍රීඩක ලයනොල් මෙසී සෞදියේ අල්-හිලාල්හිදී පාපන්දු කණ්ඩායම සමග පවුම් මිලියන 522 ක් වටිනා දැවැන්ත කොන්ත්‍රාත්තුවක් අත්සන් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙම පියවරෙන් ඔහු මතභේදාත්මක ගල්ෆ් රාජ්‍යයේ අල්-හිලාල්ගේ ප්‍රතිවාදීන් වන අල්-නස්ර් වෙනුවෙන් ක්‍රීඩා කරන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සමඟ නැවත තරග කරනු ඇති බවයි ඔවුන් වැඩිදුරටත් සඳහන් කරන්නේ.
අද උදෑසන තහවුරු කළේ මෙසී මීළඟ තරඟ වාරයේ සෞදියේ ක්‍රීඩා කරන බවයි.

