ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයාට ලාංකිකයෙක් යෝජනා වේ

ඇමෙරිකාවේ සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ් නීති විද්‍යාලයේ ඉගෙනුම ලබන ඩිලන් ගුණරත්න 2023 වසරේ ඇමෙරිකාවේ හොඳම නීති ශිෂ්‍යයා ලෙස සම්මානයට යෝජනා වී තිබෙනවා.
ඩිලන්ගේ දෙමාපියන් ලංකාවේ උපත ලැබූ අය වන අතර ඔහු උපත ලබා ඇත්තේ කැනඩාවේ බවයි වාර්තා වන්නේ.
ඔහු කැනඩාවේ ටොරොන්ටෝ නුවර ‘වයිටීවී’ නාළිකාවේ සේවය කළ අතර ‘සවුත් වෙස්ටරන්’ නීති විද්‍යාලයට ඔහු ඇතුළු වූයේ ඇමෙරිකන් ඩොලර් 75,000ක ශිෂ්‍යත්වයක් දිනා ගනිමින් බව සඳහන්.
එම නීති විද්‍යාලයේ උපාධි ප්රදානෝත්සවය ලබන 19 වැනිදා පැවැත්වෙන අතර, නීති සිසුන් වෙනුවෙන්, විශේෂ කතාවක් පැවැත්වීමට තෝරාගෙන ඇත්තේ ද ඩිලන් මහේන් ගුණරත්නයි.
‘සවුත් වෙස්ටර්න් ලෝ කොලේජ්’ නීති විද්‍යාලයේ විශේෂ කතාවක් පැවැත්වීමට ලාංකික නීති ශිෂ්‍යයකු තෝරාගත් පළමු අවස්ථාව මෙය වීම ඉතා සුවිශේෂී කාරණයක්.

