කළුතර දැරියගේ මියයෑමේ පරීක්ෂණ CIDයට

කළුතර දැරියගේ මියයෑමේ පරීක්ෂණ CIDයට

කළුතර ලැගුම්හලක ඉහළ මහලින් වැටී මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පංති ගුරුවරයෙකුගෙන් බවට පොලිසිය සැකකරයි.

එම සිද්ධියේ විමර්ශන පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබේ.

සිසුවියගේ අභිරහස් මරණයට අදාළ පරීක්ෂණවලදී ඇය රැඳීසිටි ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳව ද අද අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ, කළුතර දකුණ පොලීසිය විසිනි.

අදාළ කාන්තාව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 15 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.

මේ අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ මියගිය සිසුවියට අවසන් දුරකතන ඇමතුම ලැබී ඇත්තේ උපකාරක පන්ති ගුරුවරයෙකුගෙන් බවටය.

ඒ අනුව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කරගැනීමට ද පොලීසිය පියවර ගෙන තිබේ.

ඔහු හා අදාළ සිසුවිය අතර යම් සබඳතාවක් තිබී ඇති බවට පොලීසිය සැක පළ කරයි.

COMMENTS