ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරනවා

ලොව පළමු ජාත්‍යන්තර පරිසර විශ්වවිද්‍යාලය ශ්‍රී ලංකාවේ ඇති කරමින් දේශගුණ විපර්යාසවලට මුහුණදීම සඳහා ලෝකයට සහාය ලබාදෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 10 වන පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවයට එක් වෙමින්

දේශගුණික විපර්යාස අද ලෝකයටම අභියෝගයක් වුවද ඒ පිළිබඳ පර්යේෂණ සිදු කිරීමට මධ්‍යස්ථානයක් නොමැති බව ද ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා.

රටවල් රැසක් එක් කර ගනිමින් එම කටයුත්ත සිදු කිරීමට ශ්‍රී ලංකාව මුල පුරා ඇති බව ද ඔහු කියා සිටියා.

විශිෂ්ඨ සේවා ගුරු උපහාර හා විශිෂ්ඨ පාසල, විශිෂ්ඨ සේවාවක් සිදු කළ ප්‍රාදේශීය පරිසර නිලධාරීන් හා කාර්යාල ද මෙහිදී ඇගයීමට ලක් වූ අතර පරිසර නියමුවන් 129 දෙනකු සඳහා ජනාධිපති පදක්කම් ද පිරිනැමුණා.

එමෙන්ම පරිසර නියමුවන් ලෙස පරිසරය සුරැකීම පිළිබඳ පණිවිඩය පාසලට ගෙන යන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පරිසර නියමු ජනාධිපති පදක්කම්ලාභීන්ගෙන් ඉල්ලා සිටියා.