උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් යළි අර්බුදයක

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු වලින් අද (15) සිට ගුරුවරුවත් ඉවත් වූ බව ඇගයීම් කටයුතුවල නිරන ගුරුවරු පවසනවා.
පිළිතුරු පත්‍ර ඇගයීම් ආරම්භ කිරීමෙන් පසු විභාග දෙපාර්තමේන්තුව විසින් ඔවුන්ට ලබාදෙන බවට පොරොන්දු වූ රුපියල් 5,00000ක අත්තිකාරම් මුදල අද (15) දක්වාම නොලැබීම් හේතුවෙන් මෙවැනි තීරණයක් ගෙන තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නාට්‍ය හා රංග කලාව, පෙරදිග බටහිර කර්ණාටක සංගීතය චිත්‍ර ගෘහ විද්‍යාව පිළිතුර පනු බැලීමෙන් ගුරුවරු ඉන්ට සිටිති. කොළඹ ගම්පහ සහ කුරුණෑගල ඇගයීම් මධ්‍යස්ථානවල මේ වනවිට පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු නතර වී ඇති බව සඳහන්.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ හෙට දිනය වනවිට අවශ්‍ය දීමනා ගෙවීමට පියවර ගෙන ඇති බවයි.

