නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය දින 100කට වැසේ

නොරොච්චෝලේ තුන්වන ජනන යන්ත්‍රය දින 100කට වැසේ

නොරොච්ච්ලේ ගල් අගුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අලුත්වැඩියාවක් සඳහා දින 100ක කාලයකට අක්‍රිය කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කළේ ලබන ජුනි මස 13 වැනිදා සිට අදාළ ජනන යන්ත්‍රය අක්‍රිය කරන බවයි.

මේ අතර නොරොච්චෝලේ බලාගාරයට 30 වන ගල් අඟුරු නෞකාව ගොඩබස්වා තිබෙනවා.

ඒ සමඟම මෙම වාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු සම්පූර්ණ වී ඇති අතර අමාත්‍ය කංචන විජේසේකර පැවසූවේ වෘත්තීය සමිති සහ මාධ්‍ය වාර්තා කළ පරිදි විදුලි කප්පාදුවක් සිදුනොවනු ඇති බවයි.