ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන IMF වෙතින් පුරෝකථනයක්

ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද පුරෝකථනයක් සිදුකළේය.
ඔවුන් පැවසුවේ 2023 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකය 3%කින් පමණ හැකිලෙනු ඇති බවය.
නමුත් 2024 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සියයට 1.5කින් පමණ වර්ධනය විය හැකි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රීනිවාසන් පැවසීය.
ඔහු මේ බව පැවසුවේ IMF නියෝජිතයින් එක්ව අද කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.
ඔහු තවදුරටත් පැවසුවේ ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරන ක්‍රියාවලිය පිළිබඳව සැප්තැම්බර් මාසයට ප්‍රථමයෙන් සම්පූර්ණ කළ හැකි බවය.
ශ්‍රී ලංකාවට ලබාදුන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ ණය පහසුකමේ පළමු සමාලෝචනයද සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙයි.

