ක්‍රීඩා ඇමතිගේ නව රෙගුලාසි ක්‍රිකට් ආයතනය පිළිගනී

ක්‍රීඩා ඇමතිගේ නව රෙගුලාසි ක්‍රිකට් ආයතනය පිළිගනී

ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ක්‍රීඩා පනතේ නියෝග සංශෝධනය කරමින් ගැසට් කළ නව ක්‍රීඩා රෙගුලාසි මාලාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අද ශ්‍රේෂ්ඨාධිකරණයේදී පිළිගෙන තිබෙනවා.

ඒ අදාළ ගැසට් නිවේදනය අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ක්‍රීඩා අමාත්‍යවරයා ගොනුකළ පෙත්සම් තුනක් විභාගයට ගත් අවස්ථාවේදීයි.

එහිදී පෙත්සම්කාර සහ වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරුන් මෙම කරුණ සමථයකට පත්වී ඇති බව අධිකරණය හමුවේ කියා සිටියා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කරන ලද නව රෙගුලාසි ශ්‍රී ලංකා ක්‍රිකට් සම්බන්ධව ක්‍රියාත්මක වීම අගොස්තු 01 දා සිට බලපැවැත්වෙනු ඇති.

එමෙන්ම සැළසුම්කළ පරිදි ක්‍රිකට් නිලවරණය ලබන 20 වනදා පැරණි ක්‍රීඩා රෙගුලාසි අනුව පැවැත්වීමටයි දෙපාර්ශවය එකඟ වී ඇත්තේ.