ගිං සහ නිල්වලා ගංගා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ

ගිං සහ නිල්වලා ගංගා තවදුරටත් සුළු ගංවතුර මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
නිල්වලා ගඟ සුළු ගංවතුර මට්ටමට ළඟා වී ඇත්තේ, පිටබැද්දර, පානඩුගම සහ තල්ගහගොඩ ප්‍රදේශවලින් ය.
ගිං ගඟ, තවලම ප්‍රදේශයෙන් සුළු ගංවතුර මට්ටමට ළඟාවී තිබේ.
බද්දේගම ප්‍රදේශයෙන් ගිං ගඟ අවදානම් මට්ටමේ පවතින බව, වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මඟුරු ගඟ මඟුරු ප්‍රදේශයෙන් සහ කුඩා ගඟ කළවැල්ලාව ප්‍රදේශයෙන් අවදානම් මට්ටම පැමිණ තිබේ.
ඒ අවට පහත්බිම්වල වෙසෙන ජනතාවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, ඒ පිළිබඳ විමසිලිමත් වන ලෙසයි.
මේ අතර, පවතින අධික වැසි හේතුවෙන් ප්‍රදේශ රැසකට නායයෑම් පිළිබඳ අවවාදාත්මක නිවේදන නිකුත් කර තිබේ.
මේ අතර, බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ පළාත්වල සහ ගාල්ල – මාතර දිස්ත්‍රික්කවලට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

