විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

විදෙස් රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට සුබ පණිවිඩයක්

එතෙර රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය කිරීමට බලපත්‍ර ලබා දීමේ යෝජනා ක්‍රමය යටතේ වාහන ආනයන බලපත්‍ර යක් ලබා ගැනීම සඳහා සලකා බලන කාලසීමාව 2023 – 9- 15 දක්වා දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.

විදේශ රැකියා අමාත්‍යවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ ඒ සඳහා ලබා දී තිබූ කාල සීමාව තුලදී ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය අනුව ඔවුන්ට අපේක්ෂිත විද්‍යුත් වාහන ආනයනයට අවකාශ නොලැබෙන බවට පෙනී ගොස් ඇති බැවිනි.

මීට පෙර තීරණය වී තිබුණේ, විද්‍යුත් වාහනයක් ආනයනය කිරිම සඳහා විගමනික ශ්‍රමිකයින් විසින් 2022 – 5 – 1 සිට 2022 – 12 – 31 දක්වා කාලය තුළ ඔවුන් මෙරටට ප්‍රේෂණය කර ඇති විදේශ විනිමය ප්‍රමාණය පදනම් කර ගැනීමටයි.