අලුත් ආණ්ඩුකාරවරු අද දිවුරුම් දෙයි

උතුර සහ නැගෙනහිර සහ වයඹ පළාත් වල නව ආණ්ඩුකාරවරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරියේ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අද (17) පෙරවරුවේ දිවුරුම් දීමට නියමිතයි.
වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකා පී.එස්.එම් චාල්ස්, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සෙන්දිල් තොණ්ඩමාන් මහත්ම මහත්මීන්ගේ නම් යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.
මීට අමතරව හිටපු අමාත්‍යවරුන් වන දයා ගමගේ සහ නවීන් දිසානායකගේ නම් ද ආණ්ඩුකාර තනතුරු සඳහා යෝජනා වී ඇති බව සඳහන්.
උතුර, නැගෙනහිර සහ වයඹ පළාත් වල ආණ්ඩුකාරවරුන් ඉකුත් 15 දා සිට බලපැවැත්වෙන පරිදි ඉවත්කළ බව ජනාධිපති කාර්යාලය ඊයේ (16) නිවේදනය කර සිටියා.
උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස ජීවන් ත්‍යාගරාජා,නැගෙනහිර ආණ්ඩුකාර ලෙස අනුරාධා යහම්පත් සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලෙස වසන්ත කරන්නාගොඩ මීට පෙර සිය ධූරවල කටයුතු කර තිබෙනවා.

