චමරි අතපත්තු T20 කාන්තා පිතිකරු පළමු දසදෙනා අතරට

චමරි අතපත්තු T20 කාන්තා පිතිකරු පළමු දසදෙනා අතරට

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමඟ පැවති තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙන් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු පන්දුවාර විස්ස කාන්තා පිතිකරු ශ්‍රේණිගත කිරිම්වල පළමු දසදෙනා අතරට පැමිණ තිබෙනවා.

ඒ අනුව ඇය එහි 09 වන ස්ථානයේ පසුවන අතර, පළමු ස්ථානය හිමිව ඇත්තේ ඕස්ට්‍රේලියාවේ ටහිලා මැක්ග්‍රාත්ටයි.

මීට පෙර අවස්ථා කිහිපයකදී ද චමරි අතපත්තු කාන්තා පන්දුවාර විස්ස පිතිකරු ශ්‍රේණිගත කිරිම් හි පළමු දසදෙනා අතරට තේරිපත්ව තිබුණා.

ශ්‍රී ලංකා පිලේ හර්ෂිතා සමරවික්‍රම පන්දුවාර විස්ස පිතිකරණ ලැයිස්තුවේ 27 වන ස්ථානයටත් නිලක්ෂි ද සිල්වා 51 වන ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබෙනවා.

COMMENTS