හමුදාවේ දහස් ගණනකට ජනපති අතින් උසස් වීම්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ (සාමාන්‍ය හා ස්වේච්ඡා බළකායේ) නිලධාරීන් 402 දෙනෙකු ඊළඟ නිලයට උසස් කර තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් 14 වන ජාතික රණවිරු සමරු උළෙලට සමගාමිව මෙම උසස් වීම සිදු කරනු ලැබ ඇත.
එමෙන් ම, එහිදී සෙසු නිලයන් 3348 දෙනෙකු ද ඔවුන්ගේ ඊළඟ නිලයට උසස් කර තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය මේ බව පැවසීය.

