ගාල්ලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

ගාල්ලට නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම්

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක් සඳහා නායයෑමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ, බද්දේගම, ඇල්පිටිය, නාගොඩ සහ යක්කලමුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ තුළ පිහිටි කඳුකර බෑවුම් හා ඒ ආශ්‍රීත ප්‍රදේශ තුළ ජීවත්වන ජනතාව ඒ සම්බන්ධයෙන් අවදානයෙන් පසු විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පැවසුවේ

අදියර 01 යටතේ නිකුත් කර ඇති එම පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනය හෙට (22) පෙරවරු 8 දක්වා වලංගු වන බවයි එම සංවිධානය සඳහන් කළේ

COMMENTS