ජෙරොම් සමාව ඉල්ලයි

ජෙරොම් සමාව ඉල්ලයි

කටුනායක, මිනුවන්ගොඩ මාර්ගයේ නයිකන්ද ප්‍රදේශයේ පිහිටි “මිරකල් ඩෝම්” නමැති දේවස්ථානයේදී ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් සෑම ඉරිදාවකම පෙරවරුවේ පවත්වනු ලබන දේව මෙහෙය ඊයේ (21දා) නොපැවැත්වූ බව කටුනායක පොලිසිය පවසයි.

වෙනත් ඉරිදා දිනවල පෙරවරුවේ ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා විසින් කටුනායක මිරකල් ඩෝම් නමැති දේවස්ථානයේදී පවත්වනු ලබන දේව මෙහෙය සඳහා අනුගාමිකයන් විශාල පිරිසක් පැමිණෙන බව පොලිසිය පවසයි.

ඊයේ ජෙරොම් ප්‍රනාන්දු දේවගැතිවරයා නොමැතිව දේව මෙහෙය පැවැත්වීමට අනුගාමිකයන් පිරිසක් පොලිසියෙන් ආරක්‍ෂාව ඉල්ලා සිටියද පොලිසිය ඊට ආරක්‍ෂාව ලබාදීම ප්‍රතික්‍ෂේප කර තිබේ. දේව මෙහෙයට සහභාගිවීම සඳහා පැමිණ සිටි අනුගාමිකයන්ව එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටුනායක පොලිසිය කටයුතු කිරීමෙන් අනතුරුව එම අනුගාමිකයන් ඉවත්ව ගිය බව පොලිසිය කියයි. කටුනායක පොලිසිය මගින් එම දේවස්ථානය අවට ආරක්‍ෂාව තර කර ඇති අයුරු දක්නට ලැබුණි.

බුදුන් වහන්සේට හා බුදු දහමට අපහාස වන අයුරින් පසුගියදා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කළ දේවගැති ජෙරොම් ප්‍රනාන්දු ඉකුත් 15 වැනිදා අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබේ. ජෙරොම් ප්‍රනාන්දු නමැති දේවගැතිවරයා ඊයේ ශ්‍රී ලංකාවට පැමිණෙද්දී කටුනායක ගුවන්තොටුපළේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සූදානමින් සිටියේය.

නමුත් එදින තමා කළ ප්‍රකාශය සත්‍යයක් බව ඔහු ඊයේ යළි අවධාරණය කළේය.

“මම නැවතත් නිවසට එනවා. දැන් අපේ නීතීඥවරුන් මට නැවත එන්න අවශ්‍ය පසුබිම සකසන්න වැඩ කරමින් ඉන්නවා. මම එදා දේශනා කළේ සැබෑ දේව වචනය. මම කිසිම ආකාරයකින් වරදක් කරලා නැහැ. කිසිම වැරදි දෙයක් කරලා නැති වුණත් මට තාමත් මගේ බෞද්ධ, හින්දු සහ මුස්ලිම් සහෝදර සහෝදරියන්ගෙන් සමාව ඉල්ලන්න අවශ්‍යයි. මගේ වචන නිසා කිසියම් ආකාරයකින් ඔබගේ හැගිම්වලට රිදවීමක් සිදුවූවානම්, ඒ වගේම ශ්‍රී ලංකාවේ බෞද්ධ ස්වාමීන් වහන්සේලාගෙන් මම නිහතමානීව සමාව ඉල්ලනවා. කෙසේ වුවත් මගේ මේ සමාව ගැනීම සත්‍යය දේශනා කිරීම වෙනුවෙන් නෙමෙයි. මගේ මේ කනගාටුව හැගීම් වශයෙන් සිදුවූ සිත් රිදවීම් වෙනුවෙනුයි.” යනුවෙන්