ශ්‍රී පාද විද්‍යාපීඨයේ පැතිරයන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක්

හැටන් – කොටගල පතන ශ්‍රී පාද විද්‍යාපීඨයේ පැතිරයන වෛරස් උණ රෝගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.
කොටගල ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරිය එම විද්‍යාපීඨයට ගොස් අද දින විමර්ශනයක්ද සිදුකළ බවයි වාර්තා වෙන්නේ.
එම විද්‍යාපීඨයේ අධ්‍යාපනය ලබන ගුරු අභ්‍යාසලාභි සිසුසිසුවියන් 92 දෙනෙකුට වෛරස් උණ රෝගයක් පැතිර යාම හේතුවෙන් ඔවුන් කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබාගෙන තිබුණා. ඉන් 10 දෙනෙකු තවමත් කොටගල ප්‍රාදේශීය රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

