බිස්කට් මිල පහළට

බිස්කට් මිල පහළට

වෙළදපළේ බිස්කට් මිල අද (22) සිට සියයට 08 ත් 15 ත් අතර මිලකින් පහත දැමීමට බිස්කට් නිෂ්පාදනය කරනු ලබන සමාගම් තීරණය කර තිබෙනවා.

මෙරට ප්‍රධාන පෙළේ බිස්කට් සමාගම්වලින් අප කළ විමසීමකදී සඳහන් කළේ නව මිල ගණන් සහිත බිස්කට් අද සිටම වෙළඳපොළට නිකුත් කිරීම ආරම්භ කළ බවයි.

පසුගිය කාලසීමාවේදී ප්‍රධාන පෙළේ බිස්කට් සමාගම් සිය නිෂ්පාදනවල මිල ඉහළ දැමුවේ ඩොලරයේ අර්බුදය සහ අනෙකුත් අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන්.

COMMENTS