මහියංගනය පුද බිම පූජා භූමියක් කෙරේ

මහියංගනය පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්රදානය ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සහභාගීත්වයෙන් අද (29) සිදු කෙරුණා.
එහිදී මහියංගන චෛත්‍ය රාජයාණන්වහන්සේ සහ වළාකුළු බැම්ම ප්‍රතිසංස්කරණය කර සසුනට පූජා කිරීම මෙන්ම වැව මධ්‍යයේ ඉදිකෙරුණු අඩි 102 ක් උස හිටි පිළිම වහන්සේ සසුනට පූජා කිරීම ද සිදු කෙරුණා.
ඉන් අනතුරුවයි මහියංගන පුද බිම පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කිරීමේ රාජ්‍ය මහෝත්සවය පැවැත්වුණේ.
එම අවස්ථාවට මහා සංඝරත්නය ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලඥයින් ද එක්ව සිටියා.
එහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ වචනයට සීමා නොවී බුදු දහම සුරැකීමට සියලුදෙනා එක්ව කටයුතු කළ යුතු බවයි.

