රාජාංගනේ සද්ධාරතන හිමි අත්අඩංගුවට

පූජ්‍ය රාජාංගණයේ සද්ධාරතන හිමියන් අනුරාපධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම භික්ෂූන් වහන්සේ සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකර ඇති ප්‍රකාශවලින් ජාතීන් අතර නොසන්සුතාවක් ඇතිවීමේ ඉඩකඩක් පවතින බවට ලැබී ඇති පැමිණිලි සැළකිල්ලට ගනිමින් ඊයේ (28) රාත්‍රියේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ.
ආගමික සංහිඳියාවට හා බුද්ධ ශාසනයට හානිකර වන පරිදි කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් පාහියංගල ආනන්ද සාගර හිමියන් විසින් කරන ලද පැමිණිල්ලකට අනුව එම හිමිනම අත්අඩංගුවට ගෙන ඇති බවද වැඩිදුරටත් වාර්තා වෙනවා.

