ආනයනික ආහාරවල බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂාව අනිවාර්ය කෙරේ

ආනයනික ආහාරවල  බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂාව අනිවාර්ය කෙරේ

කරවල, හාල්මැස්සන් හා පලතුරු ආනයනයේදී බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීම 2023 ජූනි 01 සිට අනිවාර්ය කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව සඳහන් කරනවා.

ශ්‍රී ලංකාවට ආනයනය කරන ඇතැම් කරවල, හාල්මැස්සන් හා පලතුරු තොගවල බැර ලෝහ හා ආසනික් විශාල ප්‍රමාණවලින් අඩංගුවන බව හෙළි වී තිබෙනවා.

ඇතැම් ආනයනික පලතුරු තොගවල බැර ලෝහයක් වන ලෙඩ් විශාල ලෙස අඩංගු වන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය 2021- 2022 කාලය තුළ ක්‍රියාත්මක කළ ජාතික ආහාර සුරක්ෂිතතා සමීක්ෂණයේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

මෙම තත්ත්වය මහජන සෞඛ්‍යයට හානිකර බැවින් කරවල,හාල්මැස්සන් හා පලතුරු ආනයනයේදී බැර ලෝහ හා ආසනික් මට්ටම් පරීක්ෂා කිරීමත් , ආනයනික පලතුරුවල අඩංගු බැර ලෝහයක් වන ඊයම් (Lead) ප්‍රතිශතය පිළිබඳව පරීක්ෂා කිරීම 2023 ජූනි පළමුවනදා සිට අනිවාර්ය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක කමිටුව තීරණය කර තිබෙනවා.

මෙම කරුණු සම්බන්ධයෙන් වෙළඳ ප්‍රජාවට හෝ පාරිභෝගිකයින්ට වැඩි විස්තර විමසා දැන ගැනීමට 0112112718 විශේෂිත දුරකථන අංකයක්ද ආහාර පාලන ඒකකය විසින් හඳුන්වා දී දුන් බවයි ආහාර උපදේශක කමිටුව වැඩිදුරටත් සඳහන් කරන්නේ.

COMMENTS