වයඹ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තවදුරටත් තහනම්

වයඹ සිට පිට පළාත්වලට ගවයින් ප්‍රවාහනය තවදුරටත් තහනම්

ගවයින් අතර ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ලම්පි ස්කීන් ඩිසීසස් හෙවත් සමේ ගැටති රෝගය හේතුවෙන් වයඹ පළාතේ ගවයින් 2000 කට වැඩි පිරිසකට පැතිර ගොස් ඇතැයි සත්ත්ව නිෂ්පාදන හා සත්ත්ව දෙපාර්තමේන්තුව පවසයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වයඹ පළාත් අධ්‍යක්ෂ බී.සී.එස් පෙරේරා මහතා පවසුවේ, මේ වනවිට වයඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 46න් 33කම ගවයින් අතර මේ රෝගය පැතිර ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් වයඹ පළාත තුළ හා පළාතේ සිට පිට පළාත් සඳහා ගවයන් ප්‍රවාහනය තවදුරටත් නතර කර තිබේ.

බී.සී.එස් පෙරේරා මහතා පැවසුවේ, එම ගවයින්ගේ මස් පරිභෝජනය කිරීම සෞඛ්‍යාරක්ෂිත නොවන බවයි.

COMMENTS