කතරගම සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 4 දක්වා වැසේ

කතරගම සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 4 දක්වා වැසේ

කතරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි සියලුම සුරාබදු බලපත්‍ර ලත් සුරාසැල් ජුනි 19 වැනි දා සිට ජුලි 4 දක්වා කාලය අතරතුර වසා තැබීමට සුරාබදු කොමසාරිස් ජනරාල්වරයාගේ අනුමැතිය ලැබී තිබෙනවා.

ඵෙතිහාසික රුහුණු කතරගම දේවාලයෙහි ඇසළ උත්සවය සදහා සහභාගී වීමට පැමිණෙන බැතිමතුන් කිසිවෙකුටත් මත්පැන් හා මත්ද්‍රව්‍ය මෙම පුජාභූමිය තුලට ගෙන ඒම සපුරා තහනම් වන අතර පූජාභූමිය එම කාලසීමාව තුල මතින් තොර කලාපයක් ලෙස පවත්වා ගැනීම සදහා සහායවන ලෙස මෙම ඇසළ උත්සවය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරණ සියලු ජනතාවගෙන් සුරාබදු දෙපාර්තමේන්තුව ඉල්ලා සිටිනවා.

කතරගම දේවාල පුදබිම තුළ සහ ආසන්න ප්‍රදේශවල සිදුවන සුරා අපරාධ, මත්ද්‍රව්‍ය අපරාධ සහ දුම්කොළ අපරාධ සම්බන්ධ පැමිණිලි භාර ගැනීම සඳහා සුරාබදු මූලස්ථානයේ පිහිටි සුරාබදු මෙහෙයුම් මැදියේ 1913 යන දුරකථනය අංකය පැය 24 පුරාවට මහජනතාව සඳහා විවෘත කර තබන බවයි එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටින්නේ.

COMMENTS